යෞවනයන් බලාපොරොත්තුව නියෝජනය කරන අතරම, ඔවුන් අනාගතයේ නිර්මාණකරුවන් වන බව චීන ජනාධිපති ෂී ජින්පිං පවසයි.
චීනය සැමවිටම තරුණයින් සමාජ සංවර්ධනයේ ගාමක බලවේගය ලෙස සලකන බවත් ප්‍රජාවක් ගොඩනැගීමට සහභාගී වනවිට සහ මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් ප්‍රවර්ධනය කිරීමේදී ඔවුන්ගේ තරුණ ශක්තිය මුදා හැරීමට ඔවුන් දිරිමත් කරන බවත් ෂී පවසා සිටියේ ලෝක තරුණ සංවර්ධන සංසදයට ලිපියක් යවමිනි.
මෙම සංසදය ලොව පුරා සිටින තරුණ තරුණියන්ට ගෝලීය සංවර්ධනයට දායක විය හැකි වැදගත් වේදිකාවක් බවට පත්වනු ඇතැයි ෂී සිය විශ්වාසය පළ කළේය. තරුණ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය උත්සාහයන්ද ඔහු ඉල්ලා සිටියේය.
ලොවපුරා සිටින තරුණයින් මනුෂ්‍යත්වයේ පොදු වටිනාකම් වන සාමය, සංවර්ධනය, සමානාත්මතාවය, යුක්තිය, ප්රජාතන්ත්රවාදය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ෂී පැවසීය.
තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීමට සහ සංයුක්ත ක්‍රියාමාර්ග සමඟ ගෝලීය සංවර්ධන මුලපිරීම ප්‍රවර්ධනය කරන ලෙස ඔහු තරුණයන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම සංසදය ජූලි 21දා සිට 23දා දක්වා මාර්ගගතව සහ නොබැඳි ලෙස පවත්වනු ලබන අතර, රටවල් 100කට අධික සංඛ්‍යාවක තරුණ නියෝජිතයින් 2,000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන බව පැවසෙයි.