ෂී ජින්පිං ලෝක අන්තර්ජාල සමුළුවට සුබ පැතුම් එක්කරයි


නැගෙනහිර චීනයේ ෂෙජියැං පළාතේ වූසන් හිදී ඉරිදා ආරම්භ වූ 2021 ලෝක අන්තර්ජාල සම්මන්ත්‍රණයේ වුසෙන් සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පිං සුබ පැතුම් ලිපියක් යවා තිබේ.

මිනිසාගේ නිෂ්පාදන හා ජීවිතය කෙරෙහි පුළුල් හා ගැඹුරු බලපෑමක් ඇති කරමින් නව දර්ශනය, නව ආකෘති සහ නව මාදිලි සහිතව ඩිජිටල් තාක්ෂණය මේ වනවිට මානව ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සමාජ හා පාරිසරික ශිෂ්ඨාචාරය ගොඩනැගීමේ සමස්ත ක්‍රියාවලියේ සියලු ක්ෂේත්‍ර වෙත මුළුමනින්ම ඒකාබද්ධ කරමින් පවතින බව ෂී සඳහන් කළේය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සියවසක නොපෙනෙන වෙනස්කම්වල ඒකාබද්ධ බලපෑම්වලට මුහුණ දෙමින් සිටින මොහොතක චීන ජනාධිපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ තොරතුරු ලබාදීම, ඩිජිටල්කරණය, ජාලකරණය සහ බුද්ධිය ආදී වර්ධන ප්‍රවනතාවයට අනුගත වෙමින් අවස්ථා ප්‍රයෝජනයට ගෙන අභියෝගවලට මුහුණ දෙන ලෙසයි.

මානව වර්ගයාගේ දියුණුව පිළිබඳ ඓතිහාසික වගකීම භාර ගැනීම සඳහා ලෝකයේ සියලුම රටවල් සමග කටයුතු කිරීමට චීනය කැමති බව ඔහු අවධාරණය කළේය.

ඩිජිටල් ආර්ථිකයේ ජීව ශක්තිය උත්තේජනය කිරීම, ඩිජිටල් රාජ්‍ය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ඩිජිටල් සමාජ පරිසරය ප්‍රශස්ත කිරීම, ඩිජිටල් සහයෝගිතා රටාවක් ගොඩනැගීම මෙන්ම ඩිජිටල් ආරක්‍ෂක බාධකයක් ඉදිකිරීමද චීන නායකයා ඉල්ලා සිටියේය.

ඩිජිටල් ශිෂ්ටාචාරය සියලු මිනිසුන්ට ප්‍රයෝජනවත් විය යුතු යැයි පැවසූ ෂී අවධාරණය කළේ මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් ඇති ප්‍රජාවක් ගොඩනැගීම සඳහා චීනය ප්‍රවර්ධනය කරන බවයි.

"ඩිජිටල් ශිෂ්ටාචාරයේ නව යුගයක් කරා - සයිබර් අවකාශයේ හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම" යන තේමාව යටතේ මෙවර වුසන් සමුළුව මාර්ගගතව සහ නොබැඳි ලෙස පැවැත්වේ.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා දෙස් විදෙස් රටවල් 80කට අධික සංඛ්‍යාවක දෙස් විදෙස් රජයන්, ජාත්‍යන්තර සංවිධාන, කර්මාන්ත සංගම්, ගෝලීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර, විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් දෙදහසකට ආසන්න පිරිසක් සහභාගී වෙති.



Recommended Articles