චීන ජනාධිපති ෂී ජින්පිං අඟහරුවාදා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සහ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමග හදිසි අතථ්‍ය සමුළුවක් පවත්වමින්, ශතවර්ෂයකින් නොදුටු ප්‍රධාන ගෝලීය වෙනස්කම් සහ වසංගතයේ ඒකාබද්ධ බලපෑම ගෝලීය සහයෝගීතාවයෙන් ආමන්ත්‍රණය කළ යුතු බහු ගෝලීය අභියෝග ගෙන ආ බව පෙන්වා දුන්නේය.
චීනය සහ යුරෝපා සංගමය සාමය ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය සෙවීම සහ සහයෝගිතාව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් බොහෝ පොදු අවබෝධයක් ඇති බව සඳහන් කළ ෂී, කැළඹිලි සහිත සහ වහා වෙනස්වන ලෝකයකට වඩාත් ස්ථාවරත්වය සහ නිශ්චිතභාවය ගෙනඒමේ වගකීමට උරදිය යුතු බව අවධාරණය කළේය.
දෙපාර්ශ්වය අතර සංවාදය වැඩිදියුණු කිරීම, සහයෝගීතාවයට කැපවී සිටීම සහ චීන-යුරෝපා සංගම් සබඳතාවල ස්ථාවර සහ තිරසාර ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම වැදගත් බවද ෂී පැවසීය.
චීනයේ සංවර්ධනය චීන-යුරෝපා සංගමයේ සහයෝගීතාවය සඳහා පුළුල් අවකාශයක් නිර්මාණය කරනු ඇති අතර, දෙපාර්ශවය අන්‍යෝන්‍ය ප්රතිලාභ සහ ජයග්‍රාහී මූලධර්මය යටතේ හරිත හා ඩිජිටල් හවුල්කාරිත්වයන් මෙන්ම විවිධ ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කළ යුතු බව ෂී පැවසීය.
යුක්රේනයේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රධාන කාරණය සම්බන්ධයෙන් නායකයින් අදහස් හුවමාරු කරගත් අතර, මැක්රෝන් සහ ෂෝල්ස් යුක්රේනයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ තක්සේරුව බෙදා ගනිමින්, යුරෝපය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දරුණුතම අර්බුදයට මුහුණිදී සිටින බව පැවසූහ.
ප්‍රංශය සහ ජර්මනිය සාකච්ඡා මාර්ගයෙන් සමතයකට එළැඹීමට සහ සාමයට අවස්ථාවක් ලබාදීමට සහාය දක්වන බවද ඔවුහු සඳහන් කළහ.
එහිදී මෙම මානුෂීය තත්ත්වය පිළිබඳ චීනයේ මුලපිරීම සම්බන්ධයෙන් නායකයින් දෙදෙනා ස්තූතිය පළ කර ඇති අතර සාමය සඳහා සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමග සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ මානුෂීය අර්බුදය වඩාත් නරක අතට හැරවිය හැකි තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමට දෙරට සූදානම් බව කීහ.
එසේම යුක්රේනයේ වත්මන් තත්ත්වය කනස්සල්ලට පත්වන බවත්, යුරෝපීය මහාද්වීපයේ යළිත් යුද්ධයක් ඇවිළීම හේතුවෙන් චීන පාර්ශ්වය දැඩි ලෙස ශෝකයට පත්ව සිටින බවත් ෂී අවධාරණය කළේය.
සෑම රටකම ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු අතර, එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්ම සම්පූර්ණයෙන් පිළිපැදිය යුතු බවත්, සියලු රටවල නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතා බැරෑරුම් ලෙස ගනිමින්, සාමකාමී සමථයකට පත්වන සියලු ප්රයත්නයන් වෙනුවෙන් අර්බුදයට සහාය විය යුතු බව ෂී පැවසීය.
මේ මොහොතේ ඇති දැඩි කර්තව්‍යය වන්නේ නොසන්සුන්කාරී තත්ත්වය උත්සන්න වීම හෝ පාලනයෙන් මිදීම වැළැක්වීම බව ෂී අවධාරණය කළේය.
එසේම අර්බුදයේ සෘණාත්මක බලපෑම අවම කිරීම සඳහා අප එක්ව කටයුතු කළ යුතු බව පැවසූ චීන නායකයා, අදාළ සම්බාධක ගෝලීය මූල්‍ය, බලශක්තිය, ප්‍රවාහනය සහ සැපයුම් දාමවල ස්ථාවරත්වයට බලපාන බවත්, දැනටමත් වසංගතයෙන් විනාශ වී ඇති ගෝලීය ආර්ථිකය අඩාල කරන බවත් අවධාරණය කළේ මෙය කිසිවෙකුත් අපේක්ෂා කරන්නනක් නොවන බව පවසමිනි.
ඒ අනුව, යුරෝපා සංගමය, රුසියාව, එක්සත් ජනපදය සහ නේටෝව අතර සමාන සංවාදයක් දැකීමට චීනය සතුටු වන බව ෂී වැඩිදුරටත් පැවසීය.