බුර්කාවන්ගෙන් සැරසී පැමිණි ප්‍රහාරකයන් පිරිසක් විසින් ඇෆ්ගනිස්ථානයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක් වෙත එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
සිකුරාදා දින පල්ලියේ ආගමික වතාවත්වලට සහභාගී වී සිටි ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරමින් එල්ල වූ මෙම ප්‍රහාරයේදී පුපුරණ ද්‍රව්‍යවලින් සිදුකළ පිපිරවීම් මෙන්ම, සඟවාගෙන පැමිණි ගිනි අවිවලින් සිදුකළ වෙඩි තැබීම්ද පැවති බව පකීටා පළාතේ, ගාර්ඩේස් නගරයේ බලධාරීහු පවසති.
මෙම ප්‍රහාරයට ගොදුරුවූවන් අතර කුඩා දරුවන් පිරිසක්ද සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරය සිදු නොකළ බවට ප්‍රතික්ෂේප කරන අතර, මෙතෙක් ප්‍රහාරයේ වගකීම භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත්ව නොමැති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මීට පෙර මෙවැනි ප්‍රහාර සිදුකර ඇති නිසා මෙය ඔවුන්ගේ ප්‍රහාරයක් විය හැකි බවට ඇෆ්ගන් බලධාරීහු විශ්වාස කරති.