ෂින්ජියැන් හි අර්බුද වැපිරීමේ එ.ජනපද උත්සාහයක් - චීනය


මානව හිමිකම් මුවාවෙන් සහ චීනයේ සංවර්ධනය අඩාල කිරීම සඳහා වයඹදිග චීනයේ ෂින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයේ අර්බුද වැපිරීමට එක්සත් ජනපදය දරන උත්සාහයන් සාර්ථක නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අවධාරණය කරයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ෂින්ජියැන් හි රැඳවුම් කඳවුරුවල රඳවා සිටින බවට කියා සිටි උයිගර්වරුන් හමුවීමෙන් දිනකට පසු වැන්ග් සිය සතිපතා මාධ්‍ය හමුවේදී ඇමෙරිකාව වෙත මෙම දැඩි චෝදනාව සිදුකළේය.

ෂින්ජියැන් හි සිදුවන්නේ ජනවාර්ගිකත්වය, ආගම හෝ මානව හිමිකම් ගැන නොව ත්‍රස්තවාදයට, අන්තවාදයට හා බෙදුම්වාදයට එරෙහිව සටන් කිරීම බව චීනය බොහෝ වාරයක් අවධාරණය කර ඇති බවත්, චීනය වධහිංසා, කුරිරු හෝ ජනසංහාර පිළිබඳ චෝදනා දරා නැතැයිද වැන්ග් පැවසීය. එක්සත් ජනපද පාර්ශ්වයේ මුසාවන් ෂින්ජියැන්ග් හි සමෘද්ධිය මගින් හෙළිදරව් වී ඇති බවද වෙන්බින් වැඩිදුරටත් පැවසීය.



Recommended Articles