අයිඑස් ත්රස්තයන් සමග එක්වීමට වයස අවුරුදු 15 දී මහා බ්‍රිතාන්‍යයෙන් පළාගොස් මේ වනවිට සරණාගතයෙකු බවට පත්ව සිටින ෂමීමා බෙගම්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කිරීම සම්බන්ධ තීරණයට එරෙහිව ඇය ගොනුකොළ අපෑලද නිෂ්ප්‍රභ වී තිබේ.
මෙම නඩුව විභාග වන අවස්ථාවේදී විනිසුරු රොබට් ජේ පවසා සිටියේ, නඩු තීන්දුවෙන් බෙගම්ට යළි බ්‍රිතානය වෙත පැමිණීම ටඅවස්ථාවක් නොලැබෙන බව සඳහන් නොවුණත්, ඇයගේ පුරවැසිභාවය අහෝසි කිරීම නීත්‍යනුකූල බව කියා සිටියේය.
2015 දී සිරියාව වෙත පැනගිය ඇය මේ වනවිට 23 හැවිරිදි වියේ පසුවන අතර, ඇයට දාව උපන් දරුවාද සරණාගත කඳවුරකදී ජීවිතක්ෂයට පත්විය.