ශීත සෘතුවේ ඇමෙරිකාවේ කොවිඩ් ගැන යළි බියක්


එන්නත් ලබාගැනීමට ජනතාව පැකිලීම සහ එන්නත් විරෝධයක් මතුවීම මෙන්ම වසංගතය නිසා ඇති වූ භාණ්ඩ මිල ඉහළ යාම මධ්‍යයේ එක්සත් ජනපදය තුළ ශීත සෘතුවේදී කොවිඩ්-19 යළි හිස එසවීමේ තර්ජනයක් මධ්‍යයේ එරට රජය ජාතික එන්නත් කිරීමේ උත්සාහයන් පවත්වා ගැනීමට අරගලයක නිරත වන බව විදෙස් වාර්තා පවසයි.

"සීතල කාලගුණය, මිනිසුන් ගෘහස්ථව දේවල් කිරීම, රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔවුන් කෙතරම් හොඳින් ඉදිරියට යනවාද යන්න වැනි බොහෝ සාධක මත ඇමෙරිකාවේ ඉදිරි තත්ත්වය රඳා පවතිනු ඇති" එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුසි පැවසීය.

ෆෙඩරල් රජය සිය එන්නත් කිරීමේ ව්‍යාපාරය දිගටම කරගෙන යන අතර, ඉරිදා වනවිට එක්සත් ජනපද ජනගහනයෙන් 56.4%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, 65.3%ක් අර්ධ වශයෙන් එන්නත් කර තිබුණි.

මේ අතර එක්සත් ජනපද හමුදාව අතර එන්නත් ලබාගැනීමේ අඩු ප්‍රතිශතය නිසා එරට හමුදා සාමාජිකයන් වැඩි පිරිසක් රෝගයට ගොදුරුව මියගොස් ඇති බවද වොෂිංටන් පෝස්ට් වාර්තාවක් පෙන්වා දෙයි. එසේම එන්නත් ගැනීමට මැලිවීම එරට පොලිස් නිලධාරීන් අතරද දැකගත හැකිය. මේ ආකාරයෙන් තැන තැන එන්නත් විරෝධයන් මතුවීම හා ජනතාවට කොවිඩ්-19 අමතකවීම හමුවේ ශීත සෘතුව ගැන සැක මතු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles