ශ්‍රී ලංකාවේ විපතට පත්වූවන් වෙනුවෙන් ගූගල් කළුපටි පළඳී


පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරමින් එල්ල වූ මරාගෙන මැරෙන ජිහාඩ් ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය කළු පටි පැළඳ තිබේ.

ගූගල් සෙවුම් යන්ත්‍රයේ කළු පටියක් සහිතව ඔවුන් මෙම ප්‍රහාරයෙන් විපතට පත්වූවන්, තුවාල ලැබූවන්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සහ සියලු ශ්‍රී ලාංකේය ප්‍රජාව සමග ගූගල් හි හදවත් යා වෙන බව ඔවුන් සඳහන් කර තිබේ.



Recommended Articles