රුසියානු ආක්රමණයේ බලපෑම සෑම තැනකම ක්‍රියාත්මක වන බවත්, එය ශ්‍රී ලංකාවේ තත්ත්වයට හේතු වන්නට ඇති බවත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසයි.
ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන හිඟය සහ මිල ගණන් අහස උසට නැඟීම හේතුවෙන් මාස කිහිපයක සිට ශ්‍රී ලංකාවේ ජනතාව නොසන්සුන්තාවකට පත්ව සිටින බව පවසන ඔහු, එය සෙනසුරාදා උත්සන්න වූයේ දහස් ගණන් විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදීමෙන් බවය.
"මෙම රුසියානු ආක්රමණයේ බලපෑම සෑම තැනකම ක්‍රියාත්මක වන බව අපි දකිනවා. එය ශ්‍රී ලංකාවේ තත්ත්වයට හේතු වන්නට ඇති. අපි ලොව පුරා ඇඟවුම් ගැන සැලකිලිමත් වෙනවා" බ්ලින්කන් බැංකොක්හි වාර්තාකරුවන්ට පැවසීය.
ඔහු කියා සිටියේ ලොව පුරා "වැඩෙන ආහාර අනාරක්ෂිතභාවය" "යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණයෙන් සැලකිය යුතු ලෙස උත්සන්න වී ඇති බවයි. ඔහුගේ මතය අනුව රුසියානු හමුදා ඔවුන්ගේ හමුදා ප්‍රහාරයේ කොටසක් ලෙස අවහිර කරන යුක්රේන වරායෙන් ධාන්‍ය ටොන් මිලියන 20කට පිටවීමට ඉඩදෙන ලෙස බ්ලින්කන් මොස්කව් වෙත සිය ඉල්ලීම යළි අවධාරණය කළ බවද කියයි.
මේ අතර රුසියාව, ආහාර අපනයනය අවහිර කිරීම පිළිබඳ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. මොස්කව් පවසන්නේ තමන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් ලබා දී ඇති නමුත් යුක්රේනය ඔඩෙස්සා ඇතුළු වරායවලින් සිවිල් නැව් පිටවීම වළක්වන බවයි.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පැවසුවේ සමහර රටවල් ආහාර සුරක්ෂිතතා ප්රශ්නය හැකි නරකම ආකාරයෙන් භාවිත කිරීමට උත්සාහ කරන්නේ මොස්කව් එය සම්බන්ධ නොවන දෙයකට චෝදනා කරමින් සහ යුක්රේනයට සුදුහුණු ගෑමට පමණක් බවයි.