වොෂිංටන් සමලිංගික පෙළපාලිය වෙඩි බියකින් හිස් ලූ ලූ අත දුවලා


එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර සමලිංගික පෙළපාලියක් අසලට පැමිණි පුද්ගලයෙකු තුවක්කුවක් ගෙන සිදුකළ බියගැන්වීමක් නිසා පුද්ගලයන් හිස් ලූ ලූ අත දිවයෑමෙන් සිදුවූ තෙරපීම් සමග පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

එක්සත් ජනපද මාධ්‍ය විසින් මෙම පුද්ගලයා වයස අවුරුදු 38ක් වන අෆ්ටාබ්ජිත් සිං ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු BB gun ලෙස සැලකෙන වායු රයිෆලයක් මාදිලියේ කුඩා යකඩ බෝල විදින තුවක්කුවක් අතදරා සිට ඇත.

කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් පසුව අත්අඩංගුට ගැනුණු මෙම පුද්ගලයා එක්සත් ජනපද අධිකරණයක් හමුවට පැමිණවීමට නියමිතව සිටියි.

මෙම සිද්ධියට මුහුණපෑ බොහෝ පිරිස් පවසා තිබුණේ ඔවුන්ට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වන හඬ ඇසුණු බවයි.



Recommended Articles