වෛරස් නැති නවසීලන්තයේ සේවක හිඟයක් -දේශසීමා අරී


කොවිඩ්-19 වසංගතයෙන් සම්පූර්ණයෙන්ම තොරව සිටින නවසීලන්තය තුළ ආයතනික හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සේවක හිඟයක් මතුවීමත් සමග එරට උද්ධමනය ඉහළ නංවනු ඇති බවට ප්‍රතිපත්ති සම්පාදකයන් අවධානය යොමු කරමින්, මේ සතියේදී රටේ දේශසීමා විවෘත කිරීමේ සැලසුම් එළිදක්වන බව කියයි.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් විසින් මෙම එළිදැක්වීම සිදුකිරීමට නියමිත අතර, 2020 මාර්තු මාසයේදී නවසීලන්තයේ ජාත්‍යන්තර දේශසීමා වසා දමමින්, දැඩි අගුලු දැමීම් සහ වසංගතය තුරන් කිරීමේ උපාය මාර්ග සමග අගමැතිනිය දේශීය සම්ප්‍රේෂණයන් මට්ටු කිරීම ගැනීම ලෝකයෙන්ම ප්‍රශංසාවටද ලක්විය.

කෙසේ වෙතත්, සංක්‍රමණික ශ්‍රම බලකායක් මත දැඩි ලෙස යැපෙන ආර්ථිකයක් ලෙස නවසීලන්තය එම තත්ත්වය හමුවේ දැන් ආර්ථික පීඩනයකට තල්ලු වෙමින් ඉහළ පිරිවැය සහ අඩු නිෂ්පාදනයට තුඩුදී තිබේ.

ඒ අනුව කිරි ආශ්‍රිත කර්මාන්ත, ගෙවතු වගාව, නිවාස, සේවා, සෞඛ්‍ය සහ පුළුල් රාජ්‍ය අංශය යන සියලුම අංශවල දැඩි සේවක හිඟයක් වාර්තා කර ඇති අතර, දේශසීමා අවහිර කිරීම් ඉවත් කරන ලෙසට රජයට ඉල්ලීම් ලැබෙමින් පවතී.

මෙම දැඩි සේවක හිඟය හේතුවෙන් අධික ලෙස වැඩ කිරීමට සිදුවීම නිසා අද (09දා) රෝහල් පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක් පමණ සිය රැකියාවන්ගෙන් ඉවත්ව ඇති බවද වාර්තා වෙයි. එමෙන්ම ඉහළ වැටුප් හා සේවා කොන්දේසි ඉල්ලමින් 30,000කට අධික හෙදියන් ජුනි මාසයෙන් පසු දෙවැනි වරටත් මෙම මස අගදී වැඩවර්ජනය කිරීමට නියමිත බවද කියයි.

ඒ අනුව උද්‍යාන වගා කර්මාන්තයේ ඇති ශ්‍රම හිඟය විසඳීම සඳහා, සක්‍රීය කොවිඩ්-19 රෝගීන් නොමැති සැමෝවා, ටොංගා සහ වනුවාටු යන රටවල සෘතුමය සේවකයන් සඳහා ආර්ඩෙන් පසුගිය සතියේ නිරෝධායන රහිතව එක් දිශාවකට ගමන් කිරීම විවෘත කළේය.

නවසීලන්තය තුළ කොවිඩ්-19 ආසාදිතයන් 2,500ක් පමණ වාර්තා වී ඇති අතර, මරණ 26ක් පමණක් වාර්තා කර ඇත්තේ ලෝකයේ හොඳටම වෛරසය පාලනය කළ රට බවට පත්වෙමිනි. එරට දේශීය සම්ප්‍රේෂණය පිළිබඳ අවසන් වරට වාර්තා වූයේ පසුගිය පෙබරවාරි මාසයේදී ය.



Recommended Articles