ඉන්දියාව තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවන මරණ අනුපාතය යම් තරමකට පාලනය කර ඇති නමුත් වෛරසය පැතිරීම අතින් රට යම් තීරණාත්මක මොහොතක පවතින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා සජීවී දේශනයකදී කියා සිටියේය.
වසංගතය ආරම්භ වූ දින සිට මෝදිගේ හයවැනි දේශනය පැමිණියේ ඉන්දියාව ආසාදිතයන් 560,000ක් ඉක්මවා, 16,000කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති හෙයිනි.
"ජනතාව මේ සම්බන්ධයෙන් නොසැලකිලිමත් වෙමින් සිටින ආකාරය දකින්න පුළුවන්. නීති උල්ලංඝනය කරන්නන් අප වැළැක්විය යුතුයි." අගමැතිවරයා කියා සිටියේය.
ලෝකයේ සිව්වැනි ස්ථානයට කොවිඩ්-19 වසංගතයෙන් දරුණු පීඩාවකට පත් ඉන්දියාවේ, ජුනි මස මුලදී සති 10ක අගුලු දැමීම අවසන් වීමෙන් පසු ආසාදිතයන් වර්ධනය ඉහළ ගියේය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (01දා) ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 566,840ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 16,893කි.