ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට 74 වැනි නිදහස් දින උත්සවයේදී ජාතිය අමතමින්, කෝවිඩ් -19 පැතිරීම මැඬපැවැත්වීම සඳහා පෙරමුණේ වැඩ කළ අයට ස්තූති කළේය.
"වෛද්‍යවරුන්, හෙදියන්, සනීපාරක්ෂක සේවකයන්, ගිලන්රථ රියදුරන් වේවා, කොරෝනා රණශූරයන් ලැයිස්තු ගත කිරීම සඳහා බොහෝ නම් තිබෙනවා. මේ පුද්ගලයින් මෙතරම් කාලයක් පුරා 'සේවය යනු ඉහළම ආගමයි' යන ආදර්ශ පාඨය සමග ජීවත් වෙනවා" යැයි මෝදි පැවසීය.
වසංගතය අතරතුර ඉන්දියාවේ සෞඛ්‍ය අංශය විසින් පරීක්ෂාවන් වේගවත් කිරීම සහ එන්නත් සංවර්ධනය සඳහා යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ප්‍රතිචාර දැක්වූ වේගයද මෝදි මෙහිදී පැසසුමට ලක් කළේය.
"ඉන්දියාවේ, එන්නත් තුනක් මේ වන විට විවිධ පරීක්ෂණ අදියරවල පවතිනවා. අපට හරිත ආලෝකය ලැබුණු විගස නිෂ්පාදනය මහා පරිමාණයෙන් ආරම්භ වනු ඇත. සෑම ඉන්දියානුවෙකුටම හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වූ වැඩපිළිවෙළ මේ වනවිට අප සතුව පවතිනවා" ඔහු කීවේය.
පශ්චාත් නව කොරෝනා වෛරස ලෝකයක ස්වයං විශ්වාසයක් හෙවත්, තමන් ගැනම වූ දැඩි විශ්වාසයක් පවතින ඉන්දියාවක අවශ්‍යතාව ගැනද මෝදි කතා කළේය.
"ස්වයං විශ්වාසී ඉන්දියාවක් - එය සිහිනයක් වන අතර එය විසඳුමක් බවට පරිවර්තනය වීම අපට දැකගත හැකියි. අප නිදහස ලබා වසර 75ක් ගතවී ඇති අතර ඉන්දියාව තමන්ගේ දෙපයින් සිටගෙන සිටීම දැන් අත්‍යවශ්‍ය වෙනවා. ස්වයං විශ්වාසය තැබීම යනු දැන් අපේ රටට අනිවාර්යයි." මෝදි වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (16දා) උදෑසන වනවිට 2,526,192ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 50,000ක සීමාවට පැමිණ තිබේ.