වෛරස ප්‍රභවය දැනගැනීමට WHO කණ්ඩායමක් චීනයට


ලෝක සෞඛ්‍ය සංවිධානය, නව කොරෝනා වෛරසය ආරම්භ වූයේ කෙසේද යන්න වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා කණ්ඩායමක් චීනයට යවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.

"වෛරසයේ ප්‍රභවය දැන ගැනීම ඉතා වැදගත්" යැයි ටෙඩ්‍රොස් පැවසීය. "වෛරසය ආරම්භ වූ ආකාරය ඇතුළුව සෑම දෙයක්ම දැනගත් විට අපට වෛරසය වඩාත් හොඳින් සොයාගත හැකියි."

"ඒ සඳහා සූදානම් වීම සඳහා අපි ලබන සතියේ චීනයට කණ්ඩායමක් යවනවා" ඔහු පැවසීය.

මෙම සංචාරය වෛරසය ආරම්භ වූ ආකාරය සහ අනාගතය සඳහා අපට කළ හැකි දේ අවබෝධ කර ගැනීමට හේතු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ටෙඩ්‍රොස් පැවසීය.



Recommended Articles