කොවිඩ්-19 ආසාදිතයන් රට තුළ ව්‍යාප්තවීම වර්ධනය වීම හේතුවෙන් වෙනිසියුලාව ලබන සතියේ සම්පූර්ණ අගුලු දැමීමේ පියවර නැවත ක්‍රියාත්මක කරන බව උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගුස් නිවේදනය කරයි.
වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා රට ක්‍රියාත්මක කරන සැලසුමක කොටසක් ලෙස මෙම පියවර ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම සැලැස්මට දින හතක සම්පූර්ණ අගුලු දැමීම ඇතුළත් වන අතර, ඉන් පසුව දින හතක ලිහිල් අගුලු දැමීම සිදුවේ. එම දෙවැනි කාලය තුළ නිවැසියන්ට තම නිවෙස් අතහැර යාමට ඉඩ දෙන අතර ව්‍යාපාර අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමට ඉඩදෙනු ලැබේ. එම කාල පරිච්ඡේදයෙන් පසුව තවත් දින හතක සම්පූර්ණ අගුලු දැමීම සිදු වේ.
කෙසේ වෙතත්, වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් ඇතුළු ප්‍රාන්ත 23 න් 12 ක්ම සැලැස්මේ කොටසක් නොවන අතර, ඒවා සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් තත්ත්වයට පත්කරනු ඇත.
උප ජනාධිපති රොඩ්‍රිගුස් පැවසුවේ පසුගිය සතියේ නව දෛනික ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව යන දෙකෙහිම වාර්තාවක් දැකගත හැකි වූ බවයි.
වෙනිසියුලාවෙන් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 6,273ක් වාර්තා වූ බව ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාල දත්ත අද (04දා) අලුයම වාර්තා කළ අතර, සමසත මරණ සංඛ්‍යාව 57කි. කෙසේ වෙතත් එරට ආසාදිතයන් වාර්තා කිරීමේ හා ලියාපදිංචි කිරීමේ හැකියාවක් රජයට නොමැති බවද පවසන අතර, මේ නිසා රට තුළ තත්ත්වය මීට වඩා බරපතළ විය හැකි බවද සඳහන් වෙයි.