වෙනිසියුලා ජනපති මදූරෝ ඩ්‍රෝන ප්‍රහාරයකින් දිවි ගලවා ගනී


වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදූරෝ වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු දිවි ගලවාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට කරකාස් අගනුවර හමුදා වැඩසටහනකට සහභාගී වී සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම අවස්ථාවේදී ඔහු එම රැලිය අමතමින් සිටි බව කියැවෙයි.

පිපිරුම් හඬක් සමග ඉහළ බලන ආකාරයත්, ආරක්ෂක අංශ ඔහු වෙත වහා පැමිණෙන ආකාරයත්, හමුදා පෙළපාලියේ සෙසු සාමාජිකයන් වහා ආරක්ෂිත ස්ථාන කරා දිවයන ආකාරයත් දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දර්ශන නිකුත් වී තිබේ.

මෙම ප්‍රහාරය කොලොම්බියාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවට මදූරෝ චෝදනා කළත්, බොගෝටා පාලනය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන්නේ එය කිසිදු ආකාරයක පදනමක් නැති චෝදනාවක් බව පවසමිනි.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර, පසුව පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බවද වෙනිසියුලා බලධාරීහු පවසති.



Recommended Articles