ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ බාර්ක්ලේස් මධ්‍යස්ථානයේ බොක්සිං තරගයක් අතරතුර ක්‍රියාකාරී වෙඩික්කරුවෙකු පිළිබඳ අසත්‍ය වාර්තා ප්‍රේක්ෂකයින් අතර පැතිර යාමෙන් පසුව ඉන් පිටතට යාමට පිරිස උත්සාහ කිරීමේදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 16දෙනෙකු තුවාල ලබා තිබේ.
නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකුට අනුව බොක්සිං තරඟය අවසන් වෙමින් තිබියදී මෙම තෙරපුම ඇතිවී තිබේ.
පුද්ගලයින් හත් දෙනෙකු ප්‍රාදේශීය රෝහල් වෙත ප්‍රවාහනය කර ඇති අතර, තුවාල ලැබූ ඉතිරි නව දෙනාට වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබාදුන් බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මෙසේ වෙඩික්කරුවෙකු පිළිබඳ සැකයට ඔවුන්ව පොළඹවන ලද්දේ කුමක්ද යන්න පැහැදිලි නැත.
පසුගියදා ටෙක්සාස් හි ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් කුඩා දරුවන් 19 දෙනෙකු ඇතුළු ගුරුවරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මේ වනවිට ඇමෙරිකාව නිරන්තරයෙන් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන්ට ප්‍රසිද්ධියක් උසුලන රටක් බවට පත්ව තිබේ.