වූහාන් ගිය WHO කණ්ඩායම කොවිඩ් සුව වූවන් හමුවෙයි


චීනයේ, වූහාන් වෙත පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම, චීන විශේෂඥයන් සමග එකතුව, වූහාන් හි කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ අය, වෛරසයෙන් පීඩා විඳි පවුල්, ප්‍රජා සේවකයන් සහ අනෙකුත් නිවැසියන් සමග සාකච්ඡා කර තිබේ.

එහිදී වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කර සුවය ලබාදුන් ආකාරය පිළිබඳව විශේෂඥයන් ඉගෙන ගනිමින් සිටින බවත්, වෛරසය පැතිර යාමේදී පසුව වූහාන් හි ජනතාවගේ දෛනික ජීවිතය ගැනද ඔවුන් ඉගෙන ගනිමින් සිටින බව චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.



Recommended Articles