වුහාන් හි නව කොරෝනා වෛරසය පාලනයට වෛද්‍ය කණ්ඩායම් රැසක්


ගිනිකොනදිග චීනයේ ෆුජියාන් පළාතේ ෆුෂෝ හි සිට 135 දෙනෙකුගෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් වුහාන් බලා පිටත්ව ගොස් තිබේ.

හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම විශේෂිත වෛද්‍ය කණ්ඩායම පිටත්ව ගිය බව චීන මාධ්‍ය වාර්තා කරයි.

නව කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීම ඇරඹුණු වුහාන් පළාතෙහි ආසාධිතයන් දැඩි පාලනයකට නතුකර ගැනීමේ වෛද්‍ය මෙහෙයුම්, විෂබීජහරණය සහ දැනුවත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවන බව චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.



Recommended Articles