වුහාන් හි කොරෝනා පාලනය නිරීක්ෂණයට චීන අගමැති යයි


චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීපීසී) මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ චීන අගමැති ලී කෙකියැන්ග් අද (27දා) මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් වෙත පැමිණ තිබේ.

නව කොරෝනා වෛරසය පැතිරීම ඇරමුණු වුහාන් නගරයේ මේ වනවිට වෛරසය පාලනයට සහ එය වැළැක්වීමට සිදුකරනු ලබන මෙහෙයුම් නිරීක්ෂණය කිරීම අගමැතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත.

එහිදී වුහාන් හි කොරෝනා ආසාධිතයන් ප්‍රතිකාර ලබන රෝහල් වෙත පැමිණි අගමැතිවරයා ඒවායෙහි කටයුතු සොයා බලා ඇති අතර, අවශ්‍ය සෑම සහයෝගයක්ම රජය මගින් සපයන බව පවසා තිබේ.

මෙම අවාසනාවන්ත අවස්ථාවේදී තම ජීවිතයද කැප කරමින් රෝගීන් වෙනුවෙන් සේවය කරන සෞඛ්‍ය සේවකයන්ද අගමැතිවරයාගේ පැසසුමට ලක්ව ඇත.

එමෙන්ම මෙම වසංගත තත්ත්වයත් සමග ජනජීවිතය අඩාල වී සිටින වුහාන් ජනතාව වෙත කඩිනම් සහන සැලසීමටත් චීන රජය මේ වනවිට කටයුතු කර ඇති අතර, එම කටයුතුද අගමැතිවරයාගේ නිරීක්ෂණයට බඳුන් වී තිබේ.



Recommended Articles