වුහාන් සරසවියේ විදෙස් සිසුන් හා ගුරුවරුන් හොඳින් බලා ගන්නවාලු


හුබෙයි පළාතේ හුවාන් නගරය සතියකට වැඩි කාලයක් පුරා සම්පූර්ණයෙන් වසා දමා ඇති බැවින්, වුහාන් හි හුවාෂොං විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ බහුතරයක් විදේශීය සිසුන්ට සහ ගුරුවරුන්ට නගරයෙන් පිටව යාමට හෝ නැවත සිය මව් රටට යාමට නොහැකි වී තිබේ.

වුහාන් විශ්වවිද්‍යාල සිසුන් ඉවත්කර ගැනීමට රටවල් කිහිපයකට පමණක් අවස්ථාව හිමිවූ අතර, ඒ අතරට ශ්‍රී ලංකාවද වෙයි.

කෙසේ වෙතත්, මෙසේ තම රටවලින් තමන්ව රැගෙන නොගොස් තවදුරටත් විශ්වවිද්‍යාල තුළ රැඳී සිටින සිසුන් එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ විශ්ව විද්‍යාලය විසින් තමන්ව හොඳින් රැකබලා ගන්නා බවයි.

එමෙන්ම, විශ්ව විද්‍යාලයේ ආහාර හිඟයක් නොමැති බවත්, විශ්වවිද්‍යාලයේ ඇති ආපනශාලා 36 න් 3 ක් ඉතිරි ගුරුවරුන් සහ සිසුන් සඳහා විවෘතව ඇති බවත් චීන මාධ්‍ය පවසයි.

මේ අතර, චීනයේ ප්‍රධාන ආහාර හා කෘෂිකාර්මික සමාගම් හුබෙයි පළාතට සහල්, මස් සහ පිසින තෙල් සැපයීම වේගවත් කරමින් සිටින බවද චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.



Recommended Articles