විස්කොන්සින් රථ ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව ඉහළ ගිහින්


එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ සති අන්ත නත්තල් රැළියකට මෝටර් රථයක් හිතාමතාම පදවාගෙන ගොස් සිදුකළ ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම ඛේදවාචකයෙන් කුඩා දරුවෙකුගේ මරණයක් වාර්තා වීමත් සමග මෙසේ මරණ සංඛ්‍යාව මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ 8 හැවිරිදි පිරිමි දරුවෙකු බව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් 39 හැවිරිදි ඩැරල් බෲක්ස්, මීට පෙර චේතනාන්විත මිනීමැරුම් චෝදනා පහක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අතර, දැන් හයවැනි මිනීමැරුම් චෝදනාවටද මුහුණ දී සිටින බව අභිචෝදකයන් පවසයි.



Recommended Articles