විශාලතම දෛනික ආසාදිත වර්ධනය WHO වාර්තා කරයි


ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 183,000කට වඩා පැය 24ක් තුළ වාර්තා කර ඇති බවත්, එය මෙතෙක් වාර්තා වූ විශාලතම දෛනික ආසාදිත වර්ධනය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ බ්‍රසීලය ආසාදිතයන් 54,771ක් වාර්තා කර, එදිනම එක්සත් ජනපදය ආසාදිතයන් 36,617ක් සහ ඉන්දියාව ආසාදිතයන් 15,400කට වැඩි පිරිසක් සමග මෙම විශාල දෛනික ආසාදිත වර්ධනයට ප්‍රමුඛ දායකත්වය සපයා ඇති බවයි.

මේ වනවිට වඩාත් පුළුල් ආකාරයෙන් ආසාදිතයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවීමත්, ආසාදිතයන් ලොව බොහෝ රටවල වැඩිවීමත් යන විවිධ සාධක මේ ආකාරයෙන් ආසාදිත සිද්ධීන් ඉහළ යෑමට හේතු බව විශේෂඥයෝ පෙන්වා දෙති.



Recommended Articles