විශාල තෙල් කාන්දුවක් නිසා කැලිෆෝනියා වෙරළ විනාසයි


සති අන්තයේ දිය යට නල මාර්ගයක තෙල් කාන්දුවක් හේතුවෙන් මෑත ඉතිහාසයේ විශාලතම තෙල් කාන්දුවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ වෙරළ තීරය මුහුණ දී සිටින බව කියයි.

හන්ටිංටන් වෙරළට ගලා ආ බොරතෙල් සමග කටයුතු කිරීමට සහ පරිසර හානිය නැවැත්වීම සඳහා පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය යවා ඇත.

සෙනසුරාදා රාත්‍රියේ නල මාර්ගය වසා දැමීමට පෙර සති අන්තයේදී ඔරේන්ජ් ප්‍රාන්තය අසල ජලයට බොරතෙල් ගැලුම් 126,000ක් පමණ කාන්දු වූ බවට ගණන් බලා ඇත.

බලධාරීන් අනතුරු අඟවන්නේ ඉදිරි දින කිහිපය තුළ තෙල් සෙසු වෙරළ තීරයන් වෙත තෙල් තට්ටු සේදී ගොස් අසල්වැසි ප්‍රජාවන්ට බලපානු ඇති බවයි.



Recommended Articles