විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ එරෙහිව ප්‍රංශයේ වැඩවර්ජන


විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් හෙවත්, අවුරදු 64 දක්වා ආපස්සට තල්ලු කරන සැලසුම්සහගත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයක් කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස කම්කරුවන් රැකියාවෙන් ඉවත්ව සහ ගුරුවරුන් පන්ති කාමරවලින් පිටතට පැමිණෙන වැඩවර්ජනයකට ප්‍රංශය සූදානම් වෙයි.

රටපුරා වැඩ වර්ජන සහ විරෝධතා දිනය ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට පමණක් නොව වෘත්තීය සමිතිවලටද ප්‍රධාන පරීක්ෂාවක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මත විමසුම්වලින් පෙනී යන්නේ විශ්‍රාම වැටුප් ක්‍රමය බිඳ වැටීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය බව රජය පවසන ප්‍රතිසංස්කරණයක් ප්‍රංශ ඡන්දදායකයින් විශාල ලෙස ප්‍රතික්ෂේප කරන බවයි.

ප්‍රතිසංස්කරණයට එරෙහි එම විරෝධය සහ ජීවන වියදම් අර්බුදයක් සහිත කෝපය තුළින් මහජන විරෝධයක් බවට පරිවර්තනය කරමින් අවසානයේ මෙම ප්‍රතිසංස්කරණ අවසානයේ අණ්ඩුව හකුලාගනු ඇතිද යන්න වෘත්තීය සමිතිවලට ඇති අභියෝගයයි.

"උද්ධමනය, සේවා කොන්දේසි, විශ්‍රාම වැටුප් ආදී වශයෙන් මේ සියල්ලෙන් එපා වී ඇති මිනිසුන් බොහෝ දෙනෙක් අප හා එක්වනු ඇතැයි කියා අප සිතනවා" සුදු කරපටි කම්කරුවන් නියෝජනය කරන CFE-CGC සංගමයේ සාමාජිකයෙකු පැවසීය.



Recommended Articles