විවාහයෙන් පිට සම්බන්ධතා ඇහිරීමට ඉන්දුනීසියාව සැරසේ


ඉන්දුනීසියාවේ වංචා හා දූෂණ නීතිය මෙන්ම, අපරාධ දණ්ඩ නීති සංග්‍රහය දැඩි කරමින් නීති පැනවීමේ රජයේ වෑයමට එරෙහි සිසු උද්ඝෝෂණ දරුණු ස්වභාවයක් ගෙන තිබේ.

විශේෂයෙන්ම, විවාහයෙන් පිට දෙදෙනෙකු විසින් ලිංගිකව එක්වුවහොත් ඊට එරෙහිව දැඩි නීති පැනවීමකට ඉන්දුනීසියානු රජය උත්සාහ කිරීම මෙම උද්ඝෝෂණ දින කිහිපයක් පුරා පැවැත්වීමට හේතු වී ඇත.

විශේෂයෙන්ම, ජනාධිපතිවරයාට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසද අහුරමින්, දේවාපාහස නීතියද දැඩි කිරීමට මෙහිදී උත්සාහ කරන බවද කියැවෙයි.

කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂණ හේතුවෙන් මේ වනවිට ඇතැම් පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට කල් දැමීමට රජයට සිදුව තිබේ.



Recommended Articles