නැගෙනහිර ඉන්දියානු බිහාර් ප්‍රාන්තයේ මනාලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා සිය විවාහයෙන් දින දෙකකට පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ විවාහයට පෙරත් ඔහු උණ ඇතුළු රෝග ලක්ෂණ පෙන්වා ඇතත්, එය සුළු උණ තත්ත්වයක් ලෙස සලකා ඔහුට පැරසිටමෝල් ලබාදී විවාහ උත්සවය පවත්වා ඇති බව කියයි.
කෙසේ වෙතත් මෙම විවාහයෙන් පසුව මනාලිය ඇතුළු එහි පැමිණි අමුත්තන් 400ක් පමණ කොරෝනා පරීක්ෂාවට ලක්කළ බව ප්‍රාන්තයේ අගනුවර වන පැට්නා හි ප්‍රධාන වෛද්‍ය නිලධාරි කිෂෝර් චෞද්රි පැවසීය.
එහිදී අමුත්තන් 80 දෙනෙකු පමණ වෛරසයට ධනාත්මක බව පෙන්වා තිබුණත්, මනාලියට වෛරසය වැලඳී නොතිබුණු බවද අනාවරණය වෙයි.
මෙම විවාහ මංගල්‍යයට මීට සති දෙකකට පෙර බිහාර් හි පාලිගන්ජ් ප්‍රදේශයේදී සිදුව තිබූ අතර, ආසාදිත සියලු අමුත්තන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.