විවාහක කතක් සමග සබඳතා පැවැත්වූ නිසා කස පහර 28ක්


ඉන්දුනීසියාවේ විවාහක කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගැනීමේ වරදට එම පුරුෂයෙකුට හා එම කාන්තාවට ප්‍රසිද්ධියේ කස පහර දෙන සිදුවීමක් පසුගියදා වාර්තා විය.

මුඛිල්ස් බින් මුහම්මද් නමැති මෙම පුද්ගලයා වෙත කස පහර 28ක්ද, එම කාන්තාව වෙත කස පහර 23ක්ද ප්‍රසිද්ධියේ ලබාදීම සිදුව ඇත.

ඉන්දුනිසියාව තුළ ඉතා දැඩි ඉස්ලාමීය ෂරියා නීතිය ක්‍රියාත්මක වන අචේ ප්‍රාන්තයේදී මෙම දඬුවම් ලබාදීම සිදුව ඇත.

මෙම ප්‍රාන්තය තුළ සමලිංගික සේවනය හා සූදු කෙළීමද මෙසේ ප්‍රසිද්ධියේ දඬුවමට ලක්වන සිද්ධීන් ලෙස සැලකෙයි.




Recommended Articles