එක්සත් ජනපදයේ, නිව් ඕර්ලියන්ස් හි බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාකරුවෝ 1850 දී මියගිය වෙළෙන්දෙකු සහ වහල් හිමිකරුවෙකු වූ ජෝන් මැක්ඩොනොග්ගේ ප්‍රතිමාව කඩා දමා එය මිසිසිපි ගඟට වීසිකර තිබේ.
ප්‍රතිමාවට හානි කිරීමෙන් පසු විරෝධතාකරුවන් එය ට්‍රක් රථයකට පටවා මිසිසිපි ගං ඉවුරට ගෙන ගොස් වතුරට විසි කළ බව නිව් ඕර්ලියන්ස් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම මැක්ඩොනොග් එවකට සිය කැමැත්තෙන් ඇ.ඩො.මිලියන 2 ක් බැල්ටිමෝර් සහ නිව් ඕර්ලියන්ස් නගරවලට රජයේ පාසල් ඉදිකිරීම සඳහා පරිත්‍යාග කළ අයෙකි. නිව් ඕර්ලියන්ස් හි ඓතිහාසික තොරතුරුවලට අනුව, ඔහුගේ නම සමග බැඳී නිව් ඕර්ලියන්ස් හි පාසල් 30කට අධික ප්‍රමාණයක් ඉදිකර ඇත.
කෙසේ වෙතත් මැක්ඩොනොග්ගේ වහල් හිමිකාරීත්වය පිළිබඳ මතභේද හේතුවෙන් නිව් ඕර්ලියන්ස් හි බොහෝ පාසල් 80 සහ 90 දශකවල සිය නාමයන් වෙනස් කර තිබුණි.