රුසියාවේ මොස්කව් නගරයේ පැවති උද්ඝෝෂණයකට සහභාගී වූ පුද්ගලයන් 300ක් පමණ අත්අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු කර තිබේ.
එරට විරද්ධ පක්ෂ අපේක්ෂකයන් මැතිවරණ ක්‍රියාවලියෙන් අතුගා දැමීමේ රජයේ වැඩපිළිවෙළට විරෝධය පෑමක් ලෙස මෙම විරෝධතාව සංවිධානය කළ බව උද්ඝෝෂකයෝ පවසති.
ඉදිරියේ එන ප්‍රදේශීය මැතිවරණ ඉලක්ක කරමින් රජය මෙම ක්‍රියාව සිදුකරන බවත්, තමන්ට අභියෝගයක් විය හැකි අපේක්ෂකයන්ගේ නිවෙස් පවා හදිසියේ වැටලීම් කර ඔවුන් කිසිදු වගවිභාගයකින් තොරව අත්අඩංගුවට ගන්නා බවත් උද්ඝෝෂකයන් සඳහන් කර තිබුණි.
එලැඹෙන සැප්තැම්බර් 8 වැනිදා පැවැත්වෙන ප්‍රාදේශීය මැතිවරණවලට මුහුණදීම සඳහා සුදුසුකම් නොමැති බව පවසමින් මේ වනවිටත් විරුද්ධ පක්ෂ අපේක්ෂකයන් 30ක් පමණ රජය විසින් අතුගා දමා ඇති බවද සඳහන් වෙයි.