වියට්නාමයේ සංචාරයකට ගොස් වෛරසය පැතිරීමේ සිද්ධියත් සමග සිය රටට ඒමට නොහැකිව සිටි චීනයේ වුහාන් නගරයේ වැසියන් 131 දෙනෙකු යළි චීනයට රැගෙන ඒම සඳහා චීනය විශේෂ ගුවන් යානයක් පිටත්කර යවා තිබේ.
චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් හි ගුවන් යානය වියට්නාමයේ හෝ චි මිං නගරයේ සිටි සංචාරකයන් පිරිස රැගෙන, යළි වුහාන් හි ටියැන්හේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
වුහාන් වෙත සිදුකෙරුණු ගුවන් ගමන් ලොව බොහෝ රටවල ගුවන් සේවා විසින් අත්හිටුවීමත්, වුහාන් නගරය වසාදැමීම නිසා ඒ වෙත පැමිණීමට නොහැකිවීමත් යන කාරණා නිසා මේ ආකාරයෙන් එම පිරිස වියට්නාමයේ කොටුවී සිටියහ.