වියට්නාමයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කොවිඩ්-19 ආසාදිතයා ලෙස, '91 වැනි රෝගියා' නමින් හැඳින්වුණු බ්‍රිතාන්‍ය ගුවන් නියමුවෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
වෛද්‍යවරුන් පිරිසක් සමග ස්කොට්ලන්ත ජාතිකයා චෝ රේ රෝහලෙන් පිටව, හෝ චි මිං නගරයේ ගුවන්තොටුපළ බලා පිටත්ව ගිය අතර, එහිදී ඔහු හැනෝයි සහ ෆ්‍රැන්ක්ෆර්ට් හරහා බ්‍රිතාන්‍යයට පියාසර කිරීමට නියමිතය.
"වියට්නාම ජනතාවගේ ත්‍යාගශීලීභාවය, වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය ගැන මම පුදුමයට පත්වුණා" ඔහු අවසන් වරට ප්‍රතිකාර ලැබූ රෝහල විසින් නිකුත් කරන ලද වීඩියෝවක සඳහන් වේ.
වියට්නාමය මිලියන 95ක් ඉක්මවූ ජනගහනයක් වෙසෙන රාජ්‍යයක් වුවද මේ වනවිට එරට සමස්ත ආසාදිත අගය 370ක් පමණක් වීම විශේෂත්වයකි. මේ දක්වා එකදු කොවිඩ්-19 මරණයක්වත් වියට්නාමයෙන් වාර්තා වී නොමැත. වියට්නාමයේ කොමියුනිස්ට් පාලන තන්ත්‍රය යටතේ පවතින දැඩි නීතිරීති මෙන්ම, මුඛ ආවරණ පලඳින, සමාජ දුරස්ථභාවය රකින එරට ජනතාවගේ ස්වයං විනය සහ ප්‍රජා සෞඛ්‍ය සේවයේ විශේෂඥභාවයත්, ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා සිදුකරන දැඩි මෙහෙයුම්ද මෙම ජයග්‍රහණය සඳහා හේතු වී ඇති බව සඳහන් වෙයි.