වියට්නාමයෙන් තව කොවිඩ් ආසාදිත 25ක් හා මරණ 3ක්


මුල් අදියරේදී නව කොරෝනා වසංගතය වඩාත් හොඳින් පාලනය කළ රටක් වූ වියට්නාමය ගෙවීගිය දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයන් 25 දෙනෙකු සහ මරණ 3ක් වාර්තා කර තිබේ.

ඒ අනුව අග්නිදිග ආසියාව තුළ කොවිඩ්-19 සටනේ පෙරමුණ ගෙන සිටි වියට්නාමයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 905ක් සහ මරණ 20ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යාම ආරම්භ වී පසුගිය මස අවසානය දක්වාම එකදු මරණයක් හෝ වාර්තා නොකර වඩාත් ප්‍රශස්ත ලෙස වෛරසය පාලනය කළ වියට්නාමය තුළ මේ ආකාරයෙන් දින කිහිපයක් තුළ මරණ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ මෙම වෛරසයේ භයානක බව මොනවාට පැහැදිලි කරමින් යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එරට වාර්තා වන සමස්ත ආසාදිතයන්ගෙන් 430කට වැඩි ප්‍රමාණයක් මධ්‍යම නගරයක් වන ඩා නන්ග් හා සම්බන්ධ ආසාදිත පොකුරෙන් වාර්තා වෙයි.

මේ වනවිට වියට්නාමයේ රෝහල්වල 5,361ක්, මධ්‍යගත නිරෝධායන මධ්‍යස්ථානවල 25,043ක් සහ සෙසු අය නිවසේ රැඳී සිටීම ඇතුළුව 133,340 දෙනෙකු රට තුළ නිරෝධායනය කර ඇති බව වියට්නාම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles