නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 පිළිබඳ පරීක්ෂාව විනාඩි පහක් වැනි කෙටි කලකදී සිදුකිරීමේ හැකියාව ඇති උපාංගයක් නිපදවන්නට එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot Laboratories) සමත්ව ඇතැයි වාර්තා වෙයි. මෙය අතෙහි රැගෙන යා හැකි තරම් කුඩා උපාංගයක් වීම මෙහි ඇති විශේෂත්වයයි.
Abbott ID NOW COVID-19 ලෙස මෙම උපාංගය නම් කෙරී ඇත. මෙම උපාංගය ලබන සතිය ආරම්භයත් සමගම අදාළ පරීක්ෂාවන් සඳහා යොදාගැනීමට එක්සත් ජනපයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය දැනටමත් අවසරය ලබාදී ඇතැයි ඇබොට් ලැබෝරටොරීස් සමාගම සඳහන් කරයි.
කුඩා ප්‍රමාණයේ ටෝස්ටරයක් වැනි මෙය අණුක තාක්ෂණය යොදා ගනිමින් අදාළ පරීක්ෂාවන් සිදු කරයි. මෙමගින් COVID-19 ආසාදිත බවට විනාඩි 5කදීද, ආසාදිත නොවන බව විනාඩි 13ක් වැනි කාලයකදීද ප්‍රකාශ කෙරෙන බව සමාගම සඳහන් කරයි.
"COVID-19 වසංගතයට එරෙහිව පෙරමුණු කිහිපයකින්ම දැඩි ක්‍රියාමාර්ග ගනිමිනුයි සිටින්නේ. ඒ වගේම මේ විදියට අතෙහි රැගෙන යා හැකි ප්‍රමාණයෙන් උපාගංයක් මගින් අණුක තාක්ෂණ යොදා ගෙන එම පරීක්ෂාව සිදු කරන්නට හැකි වීම මේ වෛරසයට එරෙහි සටනේදී වඩාත් වැදගත් අවස්ථාවක් වේවි.* ඇබොට් ලැබෝරටොරීස් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී රොබට් ෆෝර්ඩ් පවසයි.
එසේම මෙලෙස කුඩා ප්‍රමාණයේ උපාංගයකින් පරීක්ෂාව සිදු කිරීමට හැකිවීම බිත්තර හතරකින් වට වූ රෝහලකදී මෙම පරීක්ෂාව සිදු කරනවාට වඩා වෛරසය ව්‍යාප්තවුණු තැනකටම ගිහිල්ලා ආසාදිතයන් කවුද නැද්ද කියන දේ ඉක්මණින්ම සොයා ගන්න පුළුවන් වේවි." ෆොර්ඩ් පවසයි.
ඒ අනුව දැනටමත් එක්සත් ජනපදය තුළ මෙම වෛරසයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇති ස්ථාන වෙත ලබා දීමට දැනටමත් එක්සත් ජනපයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය සමගින් තමන් කටයුතු යොදමින් සිටින බවත් ඇබොට් ලැබෝරටොරීස් සමාගම පවසයි.