විදෙස්ගත ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීමක් කරයි


ඇෆ්ගනිස්ථානයේදී එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල්-සවාහිරි ඝාතනය කිරීමෙන් පසු විදේශගත ඇමරිකානුවන්ට ප්‍රචණ්ඩත්වය වැඩි විය හැකි බවට රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

ලෝක ව්‍යාප්ත අනතුරු ඇඟවීමේ නිවේදනයක, රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, “වර්තමාන තොරතුරුවලින් පෙනී යන්නේ ත්‍රස්තවාදී සංවිධාන ලොව පුරා කලාප කිහිපයක එක්සත් ජනපද අවශ්‍යතාවලට එරෙහිව ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කරමින් සිටින බවයි. එවැනි ප්‍රහාර මරාගෙන මැරෙන මෙහෙයුම්, ඝාතන, පැහැරගැනීම් සහ බෝම්බ හෙලීම හරහා සිදුකළ හැකි බවයි" යනුවෙනි.

අනතුරු ඇඟවීම විදේශගත ඇමරිකානුවන්ට සංචාරක උපදේශන සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පරීක්ෂා කිරීමටත්, වර්තමාන සිදුවීම් සමග යාවත්කාලීනව සිටීමට දේශීය ප්‍රවෘත්ති නැරඹීමටත්, ඔවුන් සංචාරය කරන රටවල එක්සත් ජනපද තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල සමග සම්බන්ධ වී සිටින ලෙසත් උපදෙස් දී ඇත.

තර්ජන සහ ආරක්‍ෂක තත්ත්වයන් ඇගයීමට ලක් කර ඒවාට මුහුණ දෙන අතරතුර විදේශයන්හි එක්සත් ජනපද පහසුකම් තාවකාලිකව වසා දැමීමට හෝ වරින් වර රාජ්‍ය සේවා අත්හිටුවීමට ඉඩ ඇති බවටද ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.



Recommended Articles