ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය මේ සතියේ කොවිඩ්-19 සීමාවන් තවදුරටත් ලිහිල් කරන බව නිවේදනය කිරීමට අපේක්ෂා කරන බව වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ අද (13දා) පැවසීය.
කෙසේ වෙතත් දෙවැනි දිනයටත් ආසාදිතයෙකු වාර්තා කළත්, එම ආසාදිතයා කලින් වාර්තා වූ ආසාදිතයෙකුගේ සමීප සම්බන්ධතාවයක් වන බවත්, හෙතෙම දැනටමත් නිරෝධායනය කර ඇතැයිද වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනාකීර්ණ ප්‍රාන්තය වන වික්ටෝරියා හි කොවිඩ්-19 ආසාදන රැල්ලෙන් සමස්ත ආසාදිතයන් 92ක් වාර්තා වී ඇති අතර, එය පසුගිය මස අගදී සති දෙකක හදිසි අගුලු දැමීමක්ද පනවනු ලැබීය.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව තුළ වසංගතය පාලනයට ඇති උනන්දුව හා කැපවීම නිසාම නව ආසාදන ඉක්මනින් අඩු වීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ මෙන්ම, මෙල්බර්න් නගරයේද සීමා තවදුරටත් ලිහිල් කිරීමට යන බව දැන් කියැවේ.
"මගේ අපේක්ෂාව සතිය අග වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ මෙන්ම, මෙල්බර්න් අගනගරය සඳහා වන සීමාවන් තවදුරටත් ලිහිල් කරන බව නිවේදනය කිරීමට අපට හැකි වනු ඇති" මර්ලිනෝ පැවසීය.