වික්ටෝරියා ප්‍රාන්තයේ නව ආසාදන ක්‍රමයෙන් පහළට


ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ මාසයක් තුළ වාර්තා වූ අඩුම කොවිඩ්-19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ වාර්තා වී ඇති අතර, ප්‍රාන්තයේ දෙවැනි රැල්ල පැතිරීම මන්දගාමී වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් පසුගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයන් 222ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළ තවත් මරණ 17ක් වාර්තා වූ බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඔස්ට්‍රේලියාව මුල සිටම වෛරසය හොඳින් පාලනය කළ රාජ්‍යයක් වුවද, මෙල්බර්න් නගරයද කේන්ද්‍ර වූ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වෛරසයේ දෙවැනි රැල්ලක් ඇතිවීම තුළ දැඩි සීමා කිරීම් මධ්‍යයේ වෛරසය සමග සටන් කිරීමට බලධාරීන්ට සිදුවිය.



Recommended Articles