ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තය නව කොරෝනා වෛරස වසංගතයේ වඩා මාරාන්තික දිනය ගතවූ පැය 24ක කාලයේදී වාර්තා කර තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි ප්‍රාන්තය විසින් අද (12දා) නිකුත් කළ දත්ත අනුව කොවිඩ්-19 ආශ්‍රිත මරණ 21ක් සහ නව ආසාදිතයන් 410ක් තහවුරු කර ඇත.
එහිදී පසුගිය අඟහරුවාදා සහ සඳුදා දිනවල නිකුත් වූ දත්ත අනුව වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ්-19 මරණ 19 බැගින් අඛණ්ඩව වාර්තා වූ අතර, අවසන් දිනයේ ආසාදිතයන් 331ක් වාර්තා කළේය.
වික්ටෝරියා ප්‍රාන්තය පසුගිය සතියේ රාත්‍රී ඇඳිරි නීතිය පනවා, ජනතාවගේ දෛනික චලනයන් සඳහා සීමාවන් පනවා ඇති අතර, නව කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී වන පරිදි දේශීය ආර්ථිකයේ විශාල කොටස් වසා දැමීමටද නියෝග කළ පසුබිමක මෙසේ ආසාදිතයන් ඉහළ යෑම සිදුවෙයි.