වැරදි තොරතුරු කොරෝනා වැළැක්වීම අඩපණ කරාවි - WHO


ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුතුව නව කොරෝනා වෛරසය පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් හෙට හෝ අනිද්දා චීනය බලා පිටත්ව යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

සෙනසුරාදා ජිනීවා නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටෙඩ්‍රොස් කියා සිටියේ මෙම ප්‍රවීණයන් පසුව චීනයේ කණ්ඩායම් නායකයා සමග එක්වන බවත් එහිදී නව කොරෝනා වෛරස් සහ වසංගතය පිළිබඳව පර්යේෂණ සිදුකරන බවත්ය.

නිවැරදි තොරතුරු වෙත මහජනතාව යොමුවීමේ වැදගත්කම අවධාරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, වැරදි තොරතුරු හා කුමන්ත්‍රණවලින් වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග අඩපණ කරනු ඇති බවට අනතුරු ඇඟවීය.



Recommended Articles