වයස අවුරුදු 65 සහ ඊට වැඩි ඇමෙරිකානුවන්ට සහ ප්‍රතිශක්තිය දුර්වල අවදානම් තත්ත්වයන් යටතේ සිටින ඇතැම් අය සඳහා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක මණ්ඩලය ෆයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ්-19 මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාවක් ලබාදීමට අනුමත කර තිබේ.
වයස අවුරුදු 65 සහ ඊට වැඩි ඇමෙරිකානුවන් සහ දිගු කාලීන සත්කාර පහසුකම් යටතේ සිටින පුද්ගලයින් සඳහා ප්‍රතිශක්තිය වැඩි කිරීමේ මාත්‍රාවක් නිර්දේශ කිරීම සඳහා එම මණ්ඩලය 15-0 ලෙස ඡන්දය ප්‍රකාශ කර ඇත.
ඒ හා සමාන ඡන්ද සංඛ්‍යාවකින්ම, වයස අවුරුදු 50 ත් 64 ත් අතර ඇතැම් අවදානම් සහිත තත්ත්වයන් හි සිටින පුද්ගලයන්ට සඳහාද බූස්ටර් මාත්‍රාවක් ලබාදීම එම මණ්ඩලය මුළුමනින්ම නිර්දේශ කර තිබේ.