වැඩවර්ජනය ගැන පිළිතුරු දෙන්න අගමැතිට සිදුවෙයි


ජාතික ප්‍රවාහන වැඩවර්ජනයක් සහ කළමනාකරණයේ උල්ලංඝනයන් යැයි සැක කෙරෙන අවස්ථාවක රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරට කොංග්‍රසය ඉදිරියේ පිළිතුරු දීමට පේරු අග්‍රාමාත්‍යවරයාට සිදුව තිබේ.

ඒ අනුව, පේරු අගමැති ඇනිබල් ටොරස් සහ තවත් ඇමතිවරුන් තිදෙනෙකු එලැඹෙන 11 සහ 12 යන දිනවල කොංග්‍රසය විසින් අසන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පැමිණෙනු ඇති බව කියයි.

ඉහළ යන ඉන්ධන සහ ආහාර මිල සම්බන්ධයෙන් ඇතැම් විට ප්‍රචණ්ඩකාරී විරෝධතා මැඬපැවැත්වීම සඳහා පේරු රජය එරට අගනුවර සහ එහි ප්‍රධාන වරාය ආශ්‍රිතව ඇඳිරි නීතිය පැනවීමක්ද සිදුකළේය.



Recommended Articles