වැඩ රාජකාරි වැඩිවී ආතතිය නිසා සියදිවි හානි කරගත් ජපන් වැසියා


ජපාන අභ්‍යවකාශ ඒජන්සිය වෙනුවෙන් සේවය කළ ජපාන ජාතිකයෙකු තමාට පැවරුණු වැඩ රාජකාරීන් වැඩිවීමෙන් ඇති වූ ආතතිය හේතුවෙන් සියදිවි හානි කරගෙන ඇති බව එරට බලධාරීහු පවසති.

යුකිනොබු සාටෝ නමැති 31 හැවිරිදි තරුණයා 2016 වසරේදී මෙසේ සියදිවි හානි කරගෙන ඇති අතර, ඔහු ජැක්සා චන්ද්‍රිකා ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සේවකයෙකු ලෙස කටයුතු කර සිටිමින් සිටියදී මෙම ඛේදජනක ඉරණමට ලක්ව තිබේ.

තමාට කිසිසේත්ම ඉටුකළ නොහැකි ඉලක්ක ඔහුගේ රාජකාරීන් හිදී ඔහුට පවරා ඇති බවත්, ඔහු මසකට වැටුප් නොලබා අතිකාල පැය 70කට වැඩි කාලයක් සේවය කර ඇති බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.

මේ වනවිට ජපානය තුළ මේ ආකාරයෙන් දීර්ඝ අතිකාල වේලාවක් රාජකාරී කිරීමේ සංස්කෘතිය වෙනස් කිරීමට නව නීති හඳුන්වා දී තිබේ.

ඒ අනුව, ඉදිරියේදී මසකට පැය 45ක් ඉක්මවා අතිකාල සේවයේ කටයුතු කළ නොහැකි අතර, එය වසරකට අතිකාල පැය 360කි. ඒ අනුව, මෙම කාලසීමාව ඉක්මවා යම් සේවකයෙකුගෙන් වැඩ ගැනීමට කිසියම් ආයතනයක් කටයුතු කළහොත්, ඔවුන් යුවාන් ලක්ෂ 3කට ආසන්න දඩ මුදලකට යටත්විය හැකිය.



Recommended Articles