වාර්තාගත කොකේන් ටොන් 6 ක් උරුගුවේ වරායකින් අත්අඩංගුවට


උරුගුවේ ඉතිහාසය තුළ අත්අඩංගුවට පත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස කොකේන් ටොන් 6ක වාර්තාගත තොගයක් අත්අඩංගුවට ගත් බව එරට රජය පවසයි.

නාවික හා රේගු නිලධාරීන් විසින් මොන්ටෙවීඩියෝ වරායේදී මත්ද්‍රව්‍ය ටොන් 4.4ක් මුලින් අත්අඩංගුවට ගෙන තිබේ. ටෝගෝහි අගනුවර වන ලෝම් සඳහා නියම කරන ලද සෝයා පිටි බහාලුම් හතරක එය සඟවා තිබුණි.

තවත් ටොන් 1.5 ක් පසුව ගොවිපොළක තිබී සොයා ගත් බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් බිලියන 1.3ක් පමණ වන බව කියයි.

ලතින් ඇමරිකාවේ සිට අප්‍රිකාවට සහ යුරෝපයට මත්ද්‍රව්‍ය ගෙන යාම සඳහා සංක්‍රමණික ස්ථානයක් ලෙස උරුගුවේ වැඩි වශයෙන් භාවිත වෙයි.

වරායේ වූ ස්කෑන් යන්ත්‍රවලින් පරීක්ෂා කිරීමේදී බහාලුම්වල විෂමතා ඇති බව අනාවරණය වී ඒවා පරීක්ෂා කිරීමේදී මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, ස්පාඤ්ඤ දූපතක් වන ටෙනරීෆ් හරහා මොන්ටෙවීඩියෝ වරායෙන් බෙනින් හි කොටෝනූ බලා ඒවා පිටත් කර හැරීමට නියමිතව තිබී ඇත.



Recommended Articles