නිසාන් සමාගම ජපානයේ තම කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කළ මෝටර් රථවල වායු විමෝචන පරීක්ෂණයන් හි දෝෂ සහිත දත්ත අනාවරණය කළ බව පිළිගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම තත්ත්වයට කොපමණ මෝටර් රථ සංඛ්‍යාවක් ඇතුළත්ද යන්න එම සමාගම හෙළිකර නැතත්, වායු විමෝචනය සහ ඉන්ධන පිරිමැසුම්දායී පරීක්ෂණ නියමිත පරීක්ෂණ තත්ත්ව උල්ලංඝනය කර ඇති බව සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ සහ විධිමත් පරීක්ෂණයක් පවත්වන බව නිසාන් සමාගම අවධාරණය කර ඇත.
එමෙන්ම, අනාගතයේදී යළි මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා අවශ්‍ය විධිවිධාන ගන්නා බවද එම සමාගම අවධාරණය කර තිබේ.
පසුගිය වසරේදීද නිසාන් සමාගම ජපානයේ නිෂ්පාදිත මෝටර් රථ මිලියන 1.2ක් යළි කැඳවනු ලැබුවේ එහි ආරක්ෂිත පරීක්ෂණ අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති බව අවධාරණය කරමිනි.