නවදිල්ලි නගරයේ වායු දූෂණය නරක අතට හැරෙන හැරී අර්බුදයක සිටින ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන්, එහි පාසල් සතියක් සහ ඉදිකිරීම් ස්ථාන දින හතරක් වසා තබන බව ඉන්දීය අගනුවර මහ ඇමති ප්‍රකාශ කරයි.
දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ අගනුවර සම්පූර්ණයෙන් වසා දැමීමක් පිළිබඳ සාකච්ඡාද සිදුවෙමින් පවතින නමුත් ඕනෑම තීරණයක් ගනු ලබන්නේ මධ්‍යම රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව පමණක් බවය.
මේ අතර ඉන්දීය අගවිනිසුරුවරයා මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේ මෙම භයානක වායු දූෂණය මැඬපැවැත්වීම සඳහා හදිසි සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසය.
බොහෝ විට ලෝකයේ වඩාත්ම දූෂිත අගනුවර ලෙස ශ්‍රේණිගත කර ඇති දිල්ලියේ වාතයේ ගුණාත්මක භාවය සඳහා හේතු වී ඇත්තේ වගාබිම් සැකසීම සඳහා පිදුරු පුළුස්සා දැමීම බෝග පිදුරු පුළුස්සා දැමීම, ප්‍රවාහනයෙන් සිදුවන විමෝචනය, නගරයෙන් පිටත ගල් අඟුරු බලාගාර සහ වෙනත් කර්මාන්ත මෙන්ම විවෘත කසළ පිළිස්සීම සහ දූවිලි හේතුවෙනි.