චීනය සෙනසුරාදා කොවිඩ්-19 හි නව මරණ දෙකක් වාර්තා කළ අතර, ඔමික්‍රොන් ප්‍රභේදය සමග රට සටන් කරමින් ඇති පසුබිමක, 2021 ජනවාරි මාසයෙන් පසුව වෛරසයට සම්බන්ධ පළමු වැනි මරණය ලෙස එය සනිටුහන් වෙයි.
මෙම මරණ දෙකම සිදුවී ඇත්තේ ඊසානදිග ජිලින් පළාතේ වන අතර, එම පළාත වත්මන් කොවිඩ් රැල්ල අතරතුර දැඩි බලපෑමකට ලක්ව ඇති ප්‍රදේශය බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව (NHC) පවසයි.
ඔමික්‍රෝන් ප්‍රභේදය වඩාත් බෝවන බව විශ්වාස කෙරුණත්, මුල් කොරොන වෛරස හෝ ඩෙල්ටා ප්‍රභේදයට වඩා අඩු බරපතළ තත්ත්වයක් පෙන්වන බව කියයි.
කෙසේ වෙතත්, සමහර අවස්ථාවල එය තවමත් එන්නත් නොකළ හෝ දියවැඩියාව, පෙනහළු ආබාධ සහ වෙනත් සෞඛ්‍ය සංකූලතා ඇති අයට මාරාන්තික විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.