එක්සත් ජනපදයේ හිටපු නාවික හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් ඔහු පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ තිබී හමුවී ඇති අතර, මීට වසර තුනකට පමණ පෙර ඔහු මිය යන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
ඔහුගේ අතරුදන්වීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී දැනුම්දීම් කර තිබුණද, ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි වූ බව රොනල්ඩ් වෙයින් නමැති මෙම හිටපු නාවික සෙබලාගේ පවුලේ ඥාතීහු පවසති.
මෙම මහල් නිවාසය සඳහා පසුගිය කාලය පුරා ජලය ලබා නොගැනීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදී ඔහුගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබේ.
එම මහල් නිවාසයේ ඔහු ජීවත්ව ඇති නිවසේ කුස්සියේ බිම වැටී තිබූ මළ සිරුර ඒ වනවිටත් දිරාපත්ව තිබූ බව කියයි.
එක්සත් ජනපද නාවික හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් පසුව කොන්ත්‍රාත් පදනම මත ආරක්ෂක රාජකාරීන්වල යෙදී ඇති ඔහු 2016 වසරේ මියයන විට 51 වැනි වියෙහි පසුවී ඇත.
සිය බිරිඳගෙන් දික්කසාද වීමෙන් පසුව හුදකලා ජීවිතයක් ගතකර ඇති ඔහු, ඇතැම් අවස්ථාවල ව්‍යාපාරික කටයුතු සඳහා ඇමෙරිකාවෙන් පිටතටද ගමන් කර තිබේ.