වසර 2කට අඩු කාලයකින් වසංගතය අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා


වසර දෙකකට අඩු කාලයකදී පෘථිවිය කොරෝනා වෛරස වසංගතයෙන් මිදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, එය ස්පාඤ්ඤ උණ වසංගතයට වඩා වේගවත්ව අවසන් වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

"මේ වසංගතය වසර දෙකකට අඩු කාලයකින් අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා" ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසා සිටියේය.

ස්විට්සර්ලන්තයේ, ජිනීවාහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ 1918 මාරාන්තික වසංගතයට වඩා වේගයෙන් නව කොරොන වයිරස් හීලෑ කිරීමට අපේක්ෂා කරන බවයි.



Recommended Articles