වසර 27කට කටාරයෙන් චීනය වෙත ගෑස් සැපයුමක්


චීනයේ සිනොපෙක් සමඟ වසර 27 ක විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කරමින්, ඉතිහාසයේ දීර්ඝතම ද්‍රව ස්වභාවික වායු (LNG) ගනුදෙනුව අච්සන් කළ බව කටාරයේ බලශක්ති ප්‍රධානී සාද් අල් කාබි පවසයි.

“නෝර්ත් ෆීල්ඩ් ඊස්ට් ව්‍යාපෘතිය සඳහා වන පළමු විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුම සඳහා අද වැදගත් සන්ධිස්ථානයක් අත්සන් කෙරෙනවා. එය චීනයේ සිනොපෙක් වෙත වසර 27කට ටොන් මිලියන 4ක ගෑස් සැපයුමක්.” කාබි දෝහා හි පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

"එය දිගුකාලීන ගනුදෙනුවක්. විකුණුම්කරු සහ ගැනුම්කරු යන දෙපාර්ශ්වයටම වැදගත්වන ගිවිසුමක්" යනුවෙන් ඔහු පැවසීය.



Recommended Articles