වසර 20කින් සිංගප්පූරුවේදී කාන්තාවක එල්ලා මරයි


සිංගප්පූරුව වෙත හෙරෝයින් ග්‍රෑම් 30ක් රැගෙන ආ කාන්තාවක පසුගියදා එල්ලා මරා දැමුණු අතර, මෙය වසර 20ක කාලයක් තුළ එරටදී එල්ලා මැරුණු පළමු වැනි කාන්තාව බව කියැවෙයි.

සිංගප්පූරු ජාතික කාන්තාවක වන සරිදේවී නැමැත්තියක මෙසේ එල්ලා මරා දමා ඇතිඅ තර, මෙය ගෙවුණු සතිය තුළ එරටදී එල්ලා මැරුණු දෙවැනි පුද්ගලයාද වෙයි.

අවසන් වරට එරටදී කාන්තාවක එල්ලා මරුණේ 2004 වසරේදී වන අතර, එයද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙනි.



Recommended Articles